Monday, November 21, 2016

How To Order "DasCoin" නිවැරදිව ඇනවුම් කර ගන්නා ආකාරය.. (03 කොටස)


 අද අපි බලමු නිවැරදිව DasCoin මිලදීගන්න ආකාරය. මේ සඳහා අපිට සයිට් තුනක සහය ගන්න වෙනව. මම ලියපු Crypto-Currency ලිපියෙ ඒ සයිට් ගැන පොඩි විස්තරයක් තිබුන මතක ඇති. අද බලමු ඒ ගැන වැඩි විස්තර.

 අපිට යුරෝ 100 ඉඳන් 25000 වෙනකල් DasCoin Packages මිලදී ගන්න පුළුවන් NetLeaders එකෙන්. මේක CoinLeaders වලට වඩා පොඩ් පොඩ් වෙනස්කම් කිහිපයකුත් තියනව.

ඒ වගේම ලංකාවේ අපිට DasCoin මිලදී ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනව මේකෙදි මම Bitcoin පාවිච්චි කරලා මිලදීගන්න විදිය කියල දෙනව. ඉදිරියේදි අනෙත් ක්‍රම ගැනත් කියන්නම්. 

 ඒ නිසා DasCoin ගන්න කලින් ඔයාට Bitcoins තියෙන්න ඕනේ. ඒ නිසා තමුන් මිලදීගන්න බලාපොරොත්තුවෙන ලයිසන් එකේ ප්‍රමාණයට සරිලන Bitcoins තියාගෙන වැඩේ පටන් ගන්න. ඒ කියන්නෙ Bitcoins දල වශයෙන් ගණනය කරල මිලදීගෙන Bitcoin Wallet එකකට දාගෙන ඉන්න වෙනව. ඒ ගැන කලින් ලිපියෙ කිව්වනේ. මතක නැත්නම් මෙතනින් බලන්න.

මුලින්ම NetLeaders  ගිණුමක් හදන්න වෙනව. පහල තියන ලින්ක් එකෙන් NetLeaders ආරම්භක පිටුවට යන්න.





දැන් මේවගේ  ඔයාගේ විස්තර ඇතුලත් කරන පිටුවකට එනව. මේකෙදි ඔයාගේ නිවැරදි තොරතුරුම ඇතුලත් කරන්න මොකද ඉදිරියේදි ගිණුම ඔයාගේ බව තහවුරු කරන්න වෙන නිසා වැරදි තොරතුරු දාල තිබුනොත් සල්ලිත් වතුරෙ..
වැදගත්: “ඔයා Username එක ලබාදෙනකොට ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් විතරක් පාවිච්චි කරන්න. වෙනත් අක්ෂර, තිත්, කොමා පාවිච්චියෙන් වලකින්න.” 



තොරතුරු ඇතුලත් කරල Register බොත්තම ක්ලික් කරාම පහත පරිදි ගිණුමේ විස්තර නිවැරදි බව තහවුරු කරන්න අවස්ථාව දෙනව. විස්තර නිවැරදිනම් රවුම් කරල තියන තැන ටික් කරල Continue බොත්තම ක්ලික් කරන්න..



දැන් ගිණුම සාර්ථකව සෑදූ බවට සහ ඔයාගේ ඊමේල් ලිපිනයට තහවුරු කිරීමේ ඊමේල් එකක් එවපු බවට පණ්වුඩයක් එනව.


දැන් ඊමේල් ගිණුමට ඇතුල්වෙලා පහත පරිදි තහවුරු කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න..



දැන් මේවගේ තහවුරු කිරීම සම්පුර්ණනම්. ගිණුමට ලොග්වෙන්න පුළුවන් පිටුවක් ලැබෙනව. ඔයාගේ විස්තර දාල ගිණුමට ලොග් වෙන්න. 


දැන් මේවගේ ලයිසන් එක තෝරන්න පිටුවක් එනව.


තමන්ට මිලදී ගන්න පුළුවන්  Licence Package එක තෝරල Choose කියන බෙත්තම මගින් ඉදිරියට යන්න.


 පුළුවන් අයට මම නිර්දේශ කරන්නේ යුරෝ 5000 Package එක.හේතුව මම කලින් ලිපියේ කිව්වනේ. දැන්මේ වගේ පිටුවක් එයි.


මේකෙ තියෙන්නෙ මේ සමාගම එක්ක අපි බැඳෙන ගිවිසුම ගැන මේක හොඳට කියවන්න. අපේ අය මේව කියවන්න කැමති නෑනේ. ඉන් පස්සෙ ගිවිසුමට එකඟයි කියන කොටුව සලකුණු කරල Proceed බොත්තම ක්ලික් කරන්න.

දැන් පහත පරිදි අළුත් පිටුවක් එනව කලින් CoinLeaders වල මෙහෙම එකක් තිබුනේ නෑ. මේක වැදගත්වෙන්නෙ DasCoin ප්‍රවර්ධනය කරන්න ඉන්න අයට..


“Advocate” කියන එකට අපි €45ක් ගෙවන්න ඕනේ. මේකනම් අපි ගෙවන්න ඕනෙ එකම එක පාරයි. හරියට membership fee එකක් වගේම තමයි. ඔයා DasCoin promote කරන්න බලාපොරොත්තු වෙනවනම්, “Advocate” කියන එකට €45ක් pay කරන්නම ඕනේ. මොක්ද නැත්තම් ඔයාට ඔයගෙ referrals ලගෙන් commissions හම්බ වෙන්නෙ නැහෑ.

License අරන්, promote කරන්න බලාපොරොත්තුවෙන අය, referrals commissions ගන්නනම් අනිවාර්යයෙන්ම “Advocate” membership එක ගන්නම ඕනේ..

එහෙම නැත්නම් සුදුපාටින් සලකුණු කරල තියන තැන තෝරන්නෙ නැතිව පහල බොත්තම ක්ලික් කරල ඉදිරියට යන්න “Advocate” membership එක ගන්නවනම් එතන තෝරල ඉදිරියට යන්න. 

දැන් නැවත මේ වගේ කොන්දේසි මාලාවකට එකඟවෙන්න වෙනව. කලින් වගේම ඉදිරියට යන්න...


ඊට පස්සේ මුදල් ගෙවන ක්‍රමය Bitcoin තෝරන්න. 




දැන් මේවගේ Invoice එකක් ඒවි. මේකේ ගණන් ලයිසන් එක අනුව වෙනස්වෙනව. මම “Advocate” membership එක තොරපු නිසා අමතර €45ක් එකතුවෙනව.


දැන් සලකුණු කරල තියන බොත්තම ක්ලික් කරල ඉදිරියට යන්න.



දැන් මේවගේ ඇණවුමට අවශ්‍ය Bitcoin ගණන ලැබෙනව. එම Bitcoin එවිය යුතු ලිපිනය ලැබෙන්නේ ඔයාගේ ඊමේල් එකට. දැන් නැවත ඊමේල් බලන්න.


මේ වගේ Bitcoin ගණන ලැබෙනව. එම Bitcoin එවිය යුතු ලිපිනය ඇවිත් ඇති, දැන් ඔයාලගේ BTC Wallet එකට ගිහින් මේ ලිපිනයට අදාල Bitcoin ගණන එවන්න. නියමිත Bitcoin ගාන එව්වනම් එක සක්‍රිය වෙනව.

Bitcoin මිලදීගන්න විදිය මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

දැන් ඔයාගේ Netleaders ගිණුමට ලොග් වෙලා බලන්න. මේ වගේ ලයිසන් එක සක්‍රියවෙලා ඇති.





ඉන් පස්සේ ඔයාගේ දුරකථන අංකය තහවුරු කරගන්න වෙනව. මෙතනින් ඉස්සරහට යන්න නම් මේක අනිවාර්යයි.. ඔයාගේ Dashboard එකේ උඩ මේවගේ Verify Phone බොත්තමක් ඇති ඒක ක්ලික් කරන්න..


දැන් මේ වගේ පිටුවක් එනව ඒකේ Send SMS බොත්තම ක්ලික් කරල, ඔයාගේ දුරකතනයට එන SMS Code එක පහල තියන කොටුවට ඇතුලත් කරල Verify Cell Phone බොත්තම ක්ලික් කරන්න. 


දැන් මූලික වැඩ අවසානයි..

ජය වේවා...!!!