Tuesday, November 22, 2016

Basic Needs To Complete Oder of "DasCoin" ඇණවුම සාර්ථකව කරගැනීමට අවශ්‍ය මුලික දේවල්..(04 කොටස)




කලින් ලිපියෙන් අපි ඇණවුමක් දාන විදිය කතාකරා ඒත් ඒකට අවශ්‍ය BitCoin ගන්න වැදගත්වෙන තවත් පියවර කිහිපයක් තමයි මේ ලිපියෙන් මම කියන්නෙ.

මුලින්ම ඔයාලට හදාගන්න වෙනව CoinBase ගිණුමක් මේ ගැන විස්තරයකුත් මුල් ලිපියේ ඇති. මේක තමයි අපේ Bitcoin Wallet එක. හරි පහල ලින්ක් එක ක්ලික් කරන්න.

Open Your Bit Coin Wallet Now

දැන් මේවගේ පිටුවක් එවි. ඒක නිවැරදිව පුරවල. ගිණුම හදාගෙන ඊමේල් තහවුරුව, ඒ වගේම මේකේ SMS එකක් මගින් තහවුරැ කරන්නත් හදන්න පුළුවන් ආරක්ෂාවට. මේ සියළු කරුණුටික නිවැරදිව කරගන්න. මම හිතන්නෙ ගිණුම් නිවැරදිව හදන විදිය දැන් කියල දෙන්න තරම් අළුත් දෙයක් නෙමෙයිනේ අපේ අයට.




ඉතින් මේ Wallet එක ආරක්ෂාකාරී වුනාට ලංකාවේ අපිට මේක හරහා කෙලින්ම BitCoin මිලදී ගන්න බෑ. මම කලිනුත් ඒ ගැන කිව්ව. ඒකට අපිට Cex.io කියන සයිට්එක තමයි භාවිතා කරන්න වෙන්නෙ. එහෙනම් පහත ලින්ක් එකෙන් ගිහින් Register ක්ලික් කරන්න.

 Register With Bitcoin Exchange Now


දැන් මේවගේ පිටුවක් ඒවි. මෙතනදි ඔයාලගේ Google හෝ Facebook ගිණුම හරහා කෙලින්ම ලොග් වෙන්න පුළුවන් ඒත් ඒ ගිණුම්වල ඔයාගේ නිවැරදිම තොරතුරු දාල නැත්නම් ඊමේල්, පාස්වර්ඩ් දීල සාමාන්‍ය විදියට යන්න. මොකද නැත්නම් ගිණුම තහවුරු කරන්න ටිකක් අමාරුයි. තව මේකේ TwoFactor Authorization එකක් කරන්නත් වෙනව හැම Loging එකේ දිම ඒකට කැමතිනම් Android Code එක හරි SMS හරි තෝරන්න SMS තෝරගත්තම ටිකක් පහසුයි. කාටත් පුරුදු දේනේ නේද?




මේකේ වැදගත්ම දේ තමයි Verification Process එක. මේකට පොඩ්ඩක් විතර කට්ටක් කන්න තියෙනවා. සරලව කිව්වොත් මේකේ Verification එක ගොඩ දාගන්න HD PhotoShoot එකක් කරන්න ඕනේ වෙනවා.  Mobile Phone එකෙන් ගත්තත් ඇති. හැබැයි High Quality වෙන්න ඕනේ. 
දැන් බලමු ඒක කරන විදිය. මේකේ ඔයාගේ ගිණුම වගේම ඔයා සල්ලි දාන්න බලාපොරොත්තුවෙන Credit/Debit කාඩ් එකත් Verify කරගන්න වෙනව. ඉතින් මුලින්ම ඒකට හොඳ මට්ටමේ කැමරාවකින් හෝ Mobile Phone එකකින් පහත පින්තූර අරගන්න.

1. ඔයාගේ Passport එක හරි Driving Licence එකේ හරි පැහැදිලි පින්තූරයක්(DL එකේ නම් දෙපැත්තෙම පින්තූර අරගෙන එක  Image කට හදාගන්න මේක Paint වලිනුත් පුළුවන්.)
2. ඔයාගේ ඉහත ID එක සහ ඔයාගේ මුහුණ පැහැදිලිව පේන විදියට ගත්ත සෙල්ෆියක්.
3. ඔයාගේ ඉහත ID එකයි. ඒක ලඟින්ම සල්ලි දාන්න බලාපොරොත්තුවෙන Credit/Debit Card එක තියල ගත්ත පින්තූරයක්.
4. ඔයාගේ ඉහත Card එක සහ ඔයාගේ මුහුණ පැහැදිලිව පේන විදියට ගත්ත සෙල්ෆියක්.
5. ඒවගේම ලිපිනය සනාථ කරන්න Utility බිල් එකක් හෝ Bank Statement එකක් ස්කෑන් කරල ගන්න.

දැන් ගිණුමට ඇතුල්වෙලා දකුණු පැත්තෙ උඩම Userid එකක් ඇති එතන ක්ලික් කරාම Verification කියන තැනින් ඇතුල් වෙන්න. ඉන් පස්සේ පහත පියවරවල් ඔයාගේ ID එකේ තියන විදියටම නිවැරදිව පුරවන්න.



දැන් පින්තූර සහ Document ඇතුලත් කරන පිටුව එනව ඒ ටිකත් නිවැරදිව ඇතුලත් කරන්න.


දැන් පහත පරිදි ඒ තොරතුරු තහවුරු කරන්න.



දැන් මේ වගේ පණිවිඩයක් ඒවි.




දැන් නැවත Trade පිටුවට ඇවිත් ඒකේ වම් පැත්තේ උඩ තියන Cards කියන තැනින් ඇතුල් වෙන්න. දන් පහත පරිදි කාඩ් එකේ විස්තර ඇතුලත් කර ඉදිරියට යන්න.


ඉන් පස්සේ මේකෙත් කලින් වගේ පින්තූර දෙක ඇතුලත් කරල තහවුරු කරන්න. දැන් වි 30කට විතර පස්සෙ. ගිණුම සාර්ථකව Verify වුනාද නැත්නම් අඩුපාඩු තියනවද කියල ඊමේල් මගින් දැනුම්දේව්. ඔයා හරියටම වැඩේ කරානම් එකපාරින්ම Verify වේවි හැබැයි මටත් ඒක කරගන්න පැය තුන හතරක් ගියා පින්තූර කිහිපයක්ම ඇතුල් කරන්න වුනා. අන්තිමට Chat Help  ටිකට්එකකුත් දාල තමයි කරගත්තෙ.

හරි දැන් කරන්න තියන මුලික වැඩ ඔක්කොම හරි දැන් තියෙන්නෙ සල්ලි දාල වැඩේ පටන් ගන්න මීලඟ ලිපියෙන් මම ඒ ගැන කියල දෙන්නම්...