Saturday, November 19, 2016

Introduction About "Crypto-Currency" ගැන හඳුනා ගනිමු.. (01 කොටස)


තවම ලංකාවේ ගොඩක් දෙනෙක් නොදන්නවා වුනාට මේ වෙනකොටත් Digital Currencies අපේ අනාගතය අලුතෙන් ලියමින් තියෙන්නේ. හෙට දවස වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් තමයි BitCoin ඇතුළු අනෙකුත් Crypto-Currencies ගැන ඉගෙන ගන්න එක. ඉගෙනගෙන විතරක් නවතින්නේ නැතුව එතැනින් එහාට ගිහින් Bitcoins යොදාගෙන අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතු වල නිරත වෙන්න ඔයාලටත් පුළුවන්.

අනාගතයේදී හොඳ විභවයක් තියෙයි කියලා හිතෙන… ඒ කියන්නේ දැනට අඩු මිලෙන් යුතු කවදාහරි දවසක වටිනාකම වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්, Crypto Currencies සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති වල ආයෝජනය කිරීම. Stock Market එකේ invest කරනවා වගේම Buying Low & Selling High කියන මුලධර්මයට අනුව මුදල් උපයන එක තමයි මෙහිදි සිදුවෙන්නෙ.

හරි අපි දැන් බලමු මේ වෙනකොට ඉහලින්ම තියන Crypto Currency එකක් වන BitCoin ගැන පොඩි විස්තරයක්.

Bitcoin කියන්නේ Global Payment Solution එකක්. සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව.





Bitcoin කියන එක කෙටියෙන් BTC කියලත්  කියනව. මේ Bitcoins පාලනය කරන්න රටක්, මහ බැංකුවක් හෝ වෙනත් පාලනය අධිකාරියක් නෑ. ඒ කියන්නේ මේක Peer-to-Peer Payment System එකක්. මේකෙදි ගනුදෙනු සිදුවෙන්නේ සාමාජිකයගෙන් සාමාජිකයාටයි. හරියට Email Address එකේ ඉඳන් තව කෙනෙකුගේ Email Address එකකට පණිවිඩයක් යවන විදිහටම… “සල්ලි” යවනවා වගේ වැඩක් තමයි Bitcoin වලදී වෙන්නේ. 

Bitcoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ඒ නිසාම ඔහුගේ නමින් BTC උප ඒකකයක් හදුන්වලා දීලා තියෙනවා. ඒ Satoshi (1 Satoshi = 0.00000001 BTC)
Satoshi හදුන්වලා දුන්න Open Source Software පද්ධතිය අද වෙනකොට විවිධ පුද්ගලයන් ගොඩක් වැඩි දියුණු කරලා තියෙනවා.
BitCoin එකක වටිනාකම මේ මොහොතේදී $700 ක් විතර වෙනවා. [2016-නොවැ-05] රුපියල් වලින් නම් ලක්ෂයකට පොඩ්ඩක් වැඩියි. මේ අගය මුලින් 5$ පේනව නේද වැඩිවීම. ඒ දවස්වල 100න විතර අරගෙන තිබුනනම් කොහොමද අද වටිනාකම?




Bitcoin කියන්නේ ටිකක් ලොකු මුදල් ඒකකයක් නිසා පොඩි උප ඒකක හඳුන්වලා දීලා තියෙනවා.
  • 1 Satoshi = 0.00000001 BTC
  • 1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
  • 1 mBTC (MiliBitCoin) = 0.001 BTC
Bitcoin එකට බහිනකොට කරන්න ඕනේ පළවෙනිම දේ තමයි Bitcoin Wallet එකක් හදා ගන්න එක. Mobile Wallets, Desktop Wallets, Offline Wallets වගේ එක එක Wallets වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දැනට තියන හොඳ එකක් තමයි CoinBase (මේ ගිණුම් හදන විට ඔයාලගේ නිවැදි තොරතුරුම දෙන්න )
Coinbase Wallet එක හදලා පොඩි රවුමක් දානකොට ඔයා “ශ්‍රී ලංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්” මෙන්න මේ පණිවිඩය දකින්නට ලැබේවි.



ඒ කියන්නෙ අපිට මේකෙන් කෙලින්ම Bitcoin මිලදීගන්න විකුනන්න බැහැ. නමුත් CoinBase එකෙන් අපිට Bitcoins Buy/Sell කරන්න බැරි වුණාට…
  • සුරක්ෂිතව අපේ Bitcoins store කරලා තියාගන්න
  • Bitcoin වලින් එක එක ගනුදෙනු කරන්න
සිරි ලාංකික අපිට කිසිම බාධාවක් නැහැ. 
CoinBase ලෝකේ ජනප්‍රියම, සුරක්ෂිතම Wallets වලින් එකක්. හැබැයි 2 Factor Authentication එහෙම දාලා ඔයාගේ Wallet එක ආරක්ෂා කරගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.

ලංකාවේ අපි BitCoins මිලදී ගන්නේ කොහොමද?

ක්‍රම කීපයක්ම තියෙනවා.

Cex

  • ඔයාගේ Credit/Debit Card එක පාවිච්චි කරලා Bitcoin  ගන්නවා නම් හොඳම එක තමයි මේ.
  • Verification Process එකට පොඩ්ඩක් විතර කට්ටක් කන්න තියෙනවා. සරලව කිව්වොත් මේකේ Verification එක ගොඩ දාගන්න HD PhotoShoot එකක් කරන්න ඕනේ වෙනවා.  Mobile Phone එකෙන් ගත්තත් ඇති. හැබැයි High Quality වෙන්න ඕනේ. ඒ ගැන පස්සෙ කියල දෙන්නම්. දැනට මෙතනින් ගිණුමක් හදාගන්න CEX

Coinmama

  • Cex එකේදී තරම් කට්ටක් කරන්නේ නැතුව ඔයාගේ Credit/Debit Cards පාවිච්චි කරලා මේකෙන් Bitcoins Buy කරන්න පුළුවන්. Cost එක නම් 11.25% ක් විතර. Bitcoin මිලදී ගන්න වෙන විදිහක් නැතිම කෙනෙකුට පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්.

Payza

දැනටමත් යම් ක්‍රමයකින් Payza එකට සල්ලි එන අයට බොහොම පහසුවෙන් BitCoins මිලදී ගන්න පුළුවන් Payza පාවිච්චි කරලා. හැබැයි කෙලින්ම අපේ Credit/Debit Card එකෙන් සල්ලි දාලා නම් Bitcoin විදිහට Withdraw කරන්න බැහැ.
  • Payza එකෙන් BitCoins මිලදී ගන්නවානම් ඔයාට කරන්න තියෙන්නේ Payza වල Withdraw Tab එකට ගිහින්…
  • Withdrawal Method එක විදිහට BitCoin තෝරලා…
  • ඔයාගේ CoinBase Wallet Address එක ලබා දෙන එක විතරයි.
  • සාමාන්‍යයෙන් දවස් 1 සිට 14 ක් ඇතුළත අපි දුන්න BitCoin Address එකට සල්ලි එනවා.

BitCoins ආපහු රුපියල් කරගන්නේ කොහොමද? 

මේකනේ ඉතිං වැදගත්ම පියවර. අපි කරන මේ වැඩ වලින් අන්තිමට ලංකාවට විදේශ විනිමය ලැබෙන එකනේ වෙන්නේ. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙන්න ඕනේ. 
BitCoins ඩොලර් බවට හරවලා ලංකාවට ගෙන්වා ගන්න ක්‍රම කීපයක් ම තියෙනවා.
  • Cex එකෙන් කෙලින්ම Bank Wire එකක් විදිහට ලංකාවේ බැංකුවකට ගෙන්වා ගන්න පුළුවන්.
  • නැතිනම් Payza පාවිච්චි කරන්නත් පුළුවන්.
    • Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින් එකතු වෙලා තියෙයි Payza Balance එකට. 
    • ඊට පස්සේ Payza Debit Card එකෙන් හරි Bank Wire එකක් විදිහට හරි ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.
  • මාසෙකට $2500 ක් විතර ගන්නවා නම් Neteller පාවිච්චි කරන්නත් පුළුවන්.
  • ඕනේ නම් STP පාවිච්චි කරන්නත් පුළුවන්.
වැඩිම ප්‍රතිලාභ ලබන්න පුළුවන් අනාගත ආයෝජන අවස්ථා සෑහෙන ප්‍රමාණයක් රැඳිලා තියෙන්නේ Crypto Currencies ක්ෂේත්‍රයේ තමයි. මේ වෙනකොට Crypto Currencies වල සමස්ත MarketCap එක ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක්. ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කරලා තියෙන්නේ ඉදිරි දශකයේදී මේ අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් වෙයි කියලා. තවම අපි ඉන්නේ 0.2% කේ මට්ටමේ. ඉතින් හිතාගන්නකෝ කොච්චර විභවයක් තියෙනවාද කියලා.

Crypto-Currency ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා

AdzCoin


Online Advertising කියන්නේ ළඟදීම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක විතර වෙළඳපොළ වටිනාකමක් අත් කරගන්නට නියමිත ව්‍යාපාර ක්ෂේත්‍රයක්. Online Publishers ලට එයාලගේ audiences වලට වෙළඳ දැන්වීම් පෙන්වන්නේ නැතුව ඉහළ ගුණාත්මකතාවයකින් යුතු content එකිනෙකා අතර share කරගැනීම වෙනුවෙන් ප්‍රතිලාභ ලබන්නට පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ව්‍යාපෘතියෙන් සැකසෙන්නේ.
ඒ වගේම මේ ව්‍යාපෘතිය නිසා Online Advertising වල තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් වන AdBlocking Software හේතුවෙන් නිරපරාදේ නාස්ති වෙන ඩොලර් බිලියන 22 ක විතර මුදලක් ඉතුරු කරන්න පුළුවන්. 

DasCoin

තවම මූලික අවධි වල තියෙන Crypto Currency එකක්. තව අවුරුදු දෙකකින් විතර 4000% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙයි කියලයි පුරෝකථනය කරන්නේ…. එහෙනම් දැන් Crypto Currency ගැන හොඳ අවබෝධයක් එන්න ඇතිනේ. මීලඟ ලිපියෙන් අපි බලමු අපේ ඉදිරි බලාපොරොත්තුව DasCoin ගැන.