Wednesday, January 24, 2018

KYC Verification of "Netleaders Account" එක තහවුරු කරගන්නා ආකාරය (13 කොටස).



අද මම කියලදෙන්නෙ Netleaders ගිණුම KYC Verify කරගන්න විදිය. මේක හරියට කරගත්තෙ නැතිනම් ඔයාගේ Dascoin ආදායමWithdraw කරගන්නනම් වෙන්නෙ නෑ. ඒ නිසා අපි බලමු නිවැරදිව මේක කරන විදිය.
මුලින්ම අපි මේකට පහත දේවල් වලින් එකක් සූදානම් කරගන්න වෙනව
01 ජාත්‍යන්තරව පිළිගත් ජාතික හැඳුනුම්පත (නව විද්‍යුත් හැඳුනුම්පත)
02 විදේශ ගමන් බලපත්‍රය
03 රියදුරු බලපත්‍රය
04 Bank Statement එකක් හෝ Credit Card Statement එකක්


මේ Documents වලින් එකක් Scan කරල තියාගෙන වැඩේට බහිමු (Webwallet KYC Verify කරන්නත් මේවම ගත්ත නිසා ගොඩක් දෙනෙක්ට මේක අළුත් නෑ)

මුලින්ම Netleaders ගිණුමට ලොග් වෙන්න..

තවම Dascoin ගත්තෙ නැත්නම් මෙතනින් පටන් ගන්න...





දැන් උඩ තියන VERIFY KYC කියන එක ක්ලික් කරන්න.. ඉන් පස්සේ මේ වගේ පිටුවක් එනව. මෙතනින් Personal තෝරල (මෙතනදි Personal තෝරන්න කිව්වෙ ගොඩක් අය තනිපුද්ගලයෙක් විදියට Dascoin මිලදීගෙන තියන නිසා, ආයතනයක් විදියට අරගෙන තියනවනම් Company තෝරන්න ඒකෙදි මම උඩ කියපු Documents වලින් නම් Verify කරන්න ලැබෙන්නෙ නෑ ඊට වඩා වෙනස් Documents අවශ්‍ය වෙනව.) ඔයාගේ Password එක දාල පහල තියන Save බොත්තම ක්ලික් කරන්න.




දැන් නැවතත් Dashboard එකට යනව ඉන් පස්සේ නැවත VERYFY KYC ක්ලික් කරන්න. දැන් මේ වගේ තමන්ගේ පුද්ගලික තොරතුරු දාන්න එනව. මේකේ ගොඩක් ඒව දැනටමත් සම්පූර්ණවෙලා ඇති අපි කලින් දාපු ඒව නමුත් අපි සූදානම් කරගෙන තියන Documents එක්ක වෙනස් කමක් තියනවනම් ඒ විදියට නිවැරදි කරගන්න. මෙතන ඔයාගේ උපන් දිනය නම් දාන්න වෙනව..



දැන් Netleaders කොන්දේසි වලට යටත් බව ඉහත පරිදි Tick කරල Proceed බොත්තම ක්ලික් කරන්න. දැන් නැවත පහත විදියට අපි දාපු තොරතුරු නිවැරදිද බලන්න එනව.


තොරතුරු නිවැරදිනම් Confirm and Submit ක්ලික් කරන්න.. දැන් මේ වගේ Documents Upload කරන්න තියන පිටුවට එනව..



Select Document Type තැනින් අදාල Documents වර්ගය තෝරල එ්වා Upload කරන්න..




දැන් මේ වගේ අපි Upload  කරපු Documents පෙන්නනව.. පැය 48ක් ඇතුලත වගේ ගිණුම Verify වේවි..



ජය වේවා...!!!

1 comment:

  1. I am happy to this blog site giving one-of-a-kind and also useful knowledge concerning this topic. Lookup Phone Numbers For Free

    ReplyDelete